අද වනවිට ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම පවත්වාගෙන ගියහොත් එළැඹෙන 20 වැනිදායින් පසුව මෙරට තුළ කොටස් වශයෙන් ඇදිරි නීතිය ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
අත්‍යයවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
කෙසේ නමුත් දැනටත් කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇති ඇතැයි ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ රැඳී සිටින පිරිසට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව දුනහොත් 20 වෙනිදායින් පසුව ඇදිරි නීතිය ලිහිල් කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
බස්නාහිර පළාත තුළ සිටින ලක්ෂ පහකට ආසන්න පිරිසක් අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා ඇති බවද ඔහු පැවසීය.
නමුත් පවතින තත්ත්වය මත එවන් පිරිසක් කොළඹින් පිටවුහොත් කොරෝනා වෛරසය යම් ලෙසකින් ව්‍යාප්ත විය හැකි බවත් එසේ වුවහොත් ගම්මාන පුරා එය පැතිරීමේ අවදානමක් ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
source :