රට පෙරළන සැලසුමක් ගැන තොරතුරු

Report Print Egossip News Egossip News in Egossip News
35438Views
Egossip News


රටේ ආර්ථිකය වට්ටන්න ඕන කාටද ?

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනය වෙමින් පවතින තලාහේන සම්පත් බැංකු ශාඛාවේ මූල්‍ය ගැටළුව සම්බන්ධ නඩුව, ඊයේ එනම් ජුනි 11 වන දින යළි කැඳවන්නට ඒක පාරශිවික මෝසමක් ඉදිරිපත් විය. මෙහිදී, කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති පදනම් විරහිත ඉල්ලීමක් සිදුකරමින් සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ තුමන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඉදිරිපත් කළ මෙම ඉල්ලීම ගරු අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එනමුත් මුදලට කෑදර වෙබ් කඩ කරුවන් සහ කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති දොස්තර යැයි කියාගන්නා කැළුම් වීරසිංහ එය අයුතු ලෙස ප්‍රචාරය කිරීමට උත්සහ දරමින් සිටී. අද මේ මොහොත වන විටත් රට පුරා වෙබ් පිටු මඩ වලින් පුරවයි. තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස් පරපුරෙන් පැවත එන ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදී පරම්පරාවටම මෙවන් වෙබ් කාක්කන් එක් කරන්නේ කළු පැල්ලමකි. තවද, කැළුම් වීරසිංහ යනු කලකට ඉහත ට්‍රැක්ටර් රියදුරෙකි, පසුව නිවසේ පරිඝනකයක් සවිකරගෙන ‘කොම්පියුටරෙන් කේන්දර’ බැලූ අයෙකි. ඔහු මෙම නාටකයේ නළුවෙක් පමණක් වනු ඇත. අපට ඇති ප්‍රශ්නය නම්, කොරෝනා අවදානමෙන් යන්තම් ගැලවීගෙන එන විට ජනතාව බැංකු වලින් ඈත්වී, බැංකු පද්ධතිය කඩා බිඳ වැටුන හොත් එය රටේ ආර්ථිකයට මරු පහරක් වනු ඇත. එය කරන්නට උවමනා කාටද, මේවා පිටිපස්සේ සිටින්නේ කවුරුන්ද, එයින් වාසි ලබාගන්නේ කවුද? යන වගයි.

යමෙක් රටක අධිකරණ ක්‍රියාදාමය අයුතු ලෙස යොදා ගැනීමට යමෙක් උත්සාහ දරන්නේ නම් එය බරපතල තත්ත්වයකි. මෙය හුදෙක්ම සම්පත් බැංකුවේ කීර්ති නාමයත් එහි අධ්‍යක්ෂක මණ්ඩලය සහ කළමනාකාර අධ්‍යක්ෂ තුමන් අපකීර්තියට ලක් කිරීමේ ක්‍රියාවලියකි. නමුත්, මේ හරහා සමස්ථ බැංකු පද්ධතිය පිළිබඳවම ජනතාවගේ විශ්වාස බිද වැට්ටවීමේ කූඨ උපක්‍රමයක් ඇද්දැයි සාධාරණ සැකයක් පැන නගී. මේ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකොට අදාළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් අවදානමට පත්වන්නේ රටේ බැංකු පද්ධතියත් ආර්ථිකයත් බව අපි අවධාරණය කරමු.

source :

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න