කෙන්දරේට අනුව ඔයාගේ හැටි දැනගන්න ආසද?

Report Print Egossip News Egossip News in Egossip News
562Views
Egossip News

ඔබ ගැන ඔබ නොදන්නා බොහෝ දෑ ඔබගේ ජන්ම පත්‍රය තුළ සැඟවී ඇති අතර එය පිළිබඳව බොහෝ දෙනකුට ප්‍රමාණවත් අවබෝධයක් නොමැත. 

එසේම අප වැඩි වශයෙන් උත්සාහ ගන්නේ අප ගැන දැන ගැනීමට වඩා අන් අය ගැන දැන ගැනීමටය. විද්වතුන් මෙය හඳුන්වා ඇත්තේ මිනිසා තුළ පවතින පාලනය කළ නොහැකි ස්වාභාවික කුතුහලයක් ලෙසිනි. 

ජේ‍යාතිෂයට අනුව අන් අය ගැන වඩාත් විමසිලිමත් වන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ය. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ අප තුළ සැඟවී ඇති ගති  ලක්ෂණ ගැන අවබෝධයක් ලබාදීමටයි. 

වෛදික ජේ‍යාතිෂයෙන් මෙවැනි දෑ පෙන්වා දෙන්නේ ඒවා  ජන සමාජයේ පැවැත්මට අහිතකර වන්නේ නම් ක්‍රමයෙන් අත්හැර ගැනීම සඳහාය. 

කෙසේ වෙතත් ඔබ තුළ ඔබටත් නොදැනුවත්ව පවතින ගති ලක්ෂණ හඳුනා ගැනීම තුළින් ඔබට යහපතක් වන ලෙස මෙන්ම අන්‍යයන් හට ප්‍රිය මනාප වන ලෙස සහ පූර්වාදර්ශයක් වන ලෙස ඔබගේ චර්යාවන් සකස්කර ගත හැකියැයි සිතමි.

1. ජීවිතයේදී නිතරම පාහේ තමන් බියට පත්කරන කරුණ

මේෂ - බොහෝ දෑ අමතක වීම පිළිබඳ බිය.

වෘෂභ - අනපේක්ෂිත වෙනස්කම්වලට දක්වන බිය.

මිථුන - යමක් අතරමඟ නතරවේද සහ තම නිදහස නැතිවේද යන බිය.

කටක - අන් අය තමන් ප්‍රතික්ෂේප කරයිද යන බිය සහ තමන් පිළිනොගනීද යන බිය.

සිංහ - සමාජය විසින් තමන් නොසලකා හරිද නැත්නම් ඉවත් කරයිද යන බිය.

කන්‍යා - තමන් අපේක්ෂා කරන පරිදි ජීවත්වීමට නොහැකිවේද යන බිය.

තුලා - තමන් වැරදි තීරණයක් ගනීද යන බිය.

වෘශ්චික - තමන් ළඟින් ඇසුරු කරන අය තමන් පාවා දේවිද යන බිය.

ධනු - තම පෞද්ගලික නිදහස නැතිවේද යන බිය.

මකර - තම ඉලක්ක හෝ සිහින ඉටුකර ගැනීමට නොහැකිවේද යන බිය.

කුම්භ - තම පෞද්ගලිකත්වය නැතිවේද යන බිය.

මීන - අන් අය තමන් අත්හරිද නැත්නම් තමන් තනිවේද යන බිය.


2. ජීවිතයේ නිතරම පාහේ වැලඳෙන ලෙඩ රෝග

මේෂ - හිසේ ඇම්ම

වෘෂභ - උගුරේ සහ කනේ ආබාධ

මිථුන - ශ්වසන ආබාධ සහ සෙම් ආබාධ

කටක - අජීර්ණ ආබාධ

සිංහ - අධිකතර චිත්ත වේගයන්  මානසික අසහනකාරි ගැටුම්

කන්‍යා - ආමාශයේ ගැස්ටි්‍රක් සහ අල්සර් ආබාධ

තුලා - මූත්‍රාශය,  පිත්තාශය සහ වකුගඩු සහ ආශ්‍රිත ආබාධ

වෘශ්චික - විජලනය සහ මලබද්ධය ආශ්‍රිත ආබාධ

ධනු - කොන්ද සහ තුනටිය ආශ්‍රිත ආබාධ

මකර - දණහිස් සහ කකුල් ආශ්‍රිත ආබාධ

කුම්භ - අත් සහ පාද ආශ්‍රිත ආබාධ සහ තුවාලවීම්

මීන - සෙම්ප්‍රතිශ්‍යාව සහ ශ්වසන ආබාධ

3. වඩාත් සෙනෙහෙවන්ත ලග්න

(වැඩි සිට අඩු පිළිවෙළට)

වෘෂභ, සිංහ, තුලා, මීන

4. ලිංගිකත්වය, රාගය සහ කාම ආසාව වැඩි ලග්න

(වැඩි සිට අඩු පිළිවෙළට)

වෘශ්චික, සිංහ, කටක

5. වැඩි වශයෙන් බොරු කියන සහ වංචනිකත්වයට නැඹුරු ලග්න

(වැඩි සිට අඩු පිළිවෙළට)

වෘශ්චික, මිථුන, මීන, තුලා, කටක, කුම්භ

6.  වඩාත් විනෝදයට නැඹුරු ලග්න 

(වැඩි සිට අඩු පිළිවෙළට)

ධනු, සිංහ, මේෂ, තුලා, මීන, මිථුන

7. පරිසරයට සහ සොබා දහමට ආදරය කරන ලග්න 

(වැඩි සිට අඩු පිළිවෙළට)

කුම්භ, කටක, මකර, වෘශ්චික, ධනු, කන්‍යා

8. සොරකමට නැඹුරු ලග්න 

(වැඩි සිට අඩු පිළිවෙළට)

මේෂ, ධනු, මිථුන, මීන, සිංහ, කන්‍යා, වෘෂභ, වෘශ්චික, මකර, කුම්භ, කටක, තුලා, 

9. ජීවිත කාලය තුළදී බොහෝ දුරට වැලඳිය හැකි මානසික රෝගාබාධ

මේෂ - භින්නෝන්මාදය

වෘෂභ - විෂාදය සහ පෞරුෂත්ව මානසික ආබාධ

මිථුන - අවධාන උෟනතා සහ අධික්‍රියාකාරිත්ව ආබාධය

කටක - පෞරුෂත්ව මානසික ආබාධ (වායු ග්‍රස්ථ)

සිංහ - පෞරුෂත්ව මානසික ආබාධ (නාසිස්ටික්)

(අන් අය තමා යටතේ සිටින අය ලෙස සිතා අනවශ්‍ය ලෙස විවිධ විධානයන් කිරීම) 

කන්‍යා - ග්‍රස්තිය සමඟ සම්බන්ධ මානසික ආබාධ

තුලා - ද්විධ්‍රැව උන්මාදික විෂාදය (මනෝ භාවයන්හි ඇති වන ක්ෂණික සහ නිරන්තර විචලනයන්)

වෘශ්චික - ඔතෙලෝ මානසික ආබාධය

(තනිව සිටින විට තමා වැදගැම්මකට නැති අනවශ්‍ය පුද්ගලයකු යයි සිතීම)

ධනු - කාංසාව සහ භීිතියට සම්බන්ධ මානසික අබාධ

මකර - මනෝන්මාදය (තමාට අයිති නැති එමෙන්ම අනවශ්‍ය ලෙස අන්‍යයන් පාලනය කිරීමට යෑම)

කුම්භ - අවධාන උෟනතා සහ අධික්‍රියාකාරිත්ව ආබාධය

මීන - නාටකිය මානසික ආබාධය

(අන්‍යයන්ගේ අවධානය දැඩි ලෙස ලබා ගැනීමට ක්‍රියාකිරීම.

10. වැඩි වශයෙන් අමතක වන ලග්න 

(වැඩි සිට අඩු පිළිවෙළට)

මේෂ, ධනු, සිංහ, මකර, මිථුන, කුම්භ

11. ව්‍යාජ ආරූඪවේශ දක්වන ලග්න 

(වැඩි සිට අඩු පිළිවෙළට)

ව්‍යාජ ලෙස සිනාසෙන අය - 

කටක, වෘශ්චික, 

ව්‍යාජ ලෙස වැලඳ ගන්නා ලග්න - 

ධනු, මීන,

ව්‍යාජ ආදරවන්තයන් - 

වෘෂභ, තුලා

ව්‍යාජ මිතුරන් - 

මේෂ, මිථුන, වෘශ්චික, මීන,

12. ආදරවන්තියන් 

(හොඳම අයගේ සිට නරක අය දෙසට)

ධනු, මීන, මකර, තුලා, මිථුන, කුම්භ, සිංහ, කටක, වෘෂභ, මේෂ, කන්‍යා, වෘශ්චික

13. ආදරවන්තයන් 

(හොඳම අයගේ සිට නරක අය දෙසට)

වෘශ්චික, මිථුන, තුලා, මේෂ, කටක, සිංහ, කුම්භ, ධනු, මකර, කන්‍යා, වෘෂභ, මීන

14. ඕප දූප කීමට කැමැත්තක් දක්වන අය (වැඩි සිට අඩු පිළිවෙළට)

මිථුන, තුලා, මීන, මේෂ, වෘශ්චික, සිංහ, කන්‍යා, කුම්භ, ධනු, කටක, වෘෂභ, මකර

source :



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න