සජිත් එක්ක සාකච්ඡා එපා මහ ලේකම්කමෙන් ඉවත් වන්න සූදානම් - අකිල

Report Print Egossip News Egossip News in Egossip News
1081Views
Egossip News

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වන බවට කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මව්බිම වෙබ් අඩවිය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ නැගීම සඳහා සියලු තනතුරුවල වෙනස්කම් සිදුවිය යුතු බවට තමන් යෝජනා කළ බවය.

ඒ අනුව, සිය තනතුර වුව ද වෙනස් විය යුතු බව පක්ෂයේ සාමාජිකත්වය තීන්දු කළහොත් ඉන් ඉවත් වීමට තමන් සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, සමගි ජන බලවේගය සමග එක්වීම සඳහා සාකච්ඡා කිරීම නොකළ යුතු බව තම පෞද්ගලික අදහස බව ද ඔහු පැවසීය.

source :

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න