පොල් කඩන කෙනාට එක ගහකට රුපියල් 100 ක් දෙන්න ඕනේ

Report Print Egossip News Egossip News in Egossip News
462Views
Egossip News

පොල්, කිතුල්, තල් සහ රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද පොල් ගසකට නැග පොල් මිල පිළිබඳ අදහස් පළකළා.

රාජ්‍ය අමාත්‍යවරයා දංකොටුව ප්‍රදේශයේ පිහිටි සිය ගෙවත්තේ ගසකට නැග මෙලෙස පොල් මිල පිළිබඳ කතා කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අරුන්දික ප්‍රනාන්දු එහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මේවන විට පොල් මිල ඉහළ ගොස් ඇත්තේ ලෝක වෙළඳපොලේ පොල් ආශ්‍රිත නිශ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් බවයි.

පොල් ගෙඩියක මිල රුපියල් සියයක් දක්වා ඉහළ ගොස් ඇති අතර පොල් කඩන කම්කරුවෙකුට ද ගසකට රුපියල් සියයක් ලබාදිය යුතු බව නැග සිටි පොල් ගසේ ගෙඩි කිහිපයක් කඩා දැමූ ඇමතිවරයා සඳහන් කළා.

 පොල් කැඩීමට ද කම්කරුවන් සොයා ගැනීමේ අපහසුතාවක් මතුව ඇති බවයි ඔහු කියාසිටියේ.

 කෙසෙවෙතත් පොල් මිල කෙතරම් ඉහළ ගිය ද පොල් රටින් ගෙන්වීමට කටයුතු නොකරන අතර නගරබදව ජීවත්වන ජනතාවට පොල් සහන මිලට ලබාදීමට ඉදිරි දින කිහිපයේදී වැඩපිළිවෙලක් සකස් කරන බවයි අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

 රාජ්‍ය අමාත්‍යවරයා සිය වත්තේ පොල් ගසකට නැග තිබුනේ වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් නිෂ්පාදනය කරන ලද යන්ත්‍රයක් ආධාරයෙන්.

 එය ඉදිරි දින කිහිපය තුළ හඳූන්වාදීමට ක්‍රියාකරන බව ද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කළා.


source :



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න