ඔන්ලයින් ක්‍රමය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ දැවැන්ත ව්‍යාපාරික ජාලයක් වන ඇමසෝන් සමාගමේ ඇමෙරිකාවේ (Amazon) සේවය කරන සේවකයින් 19,816 දෙනෙකුට කොරෝනාවෛරසය වැළඳී ඇතැයි එම සමාගම පවසයි.
එම සමාගමේ සේවකයින් මිලියන 1.37ක් පමණ සේවය කරන අතර එම සංඛ්‍යාවට සාපේක්ෂව කොරෝනාවෛරසය වැළඳී ඇති ප්‍රතිශතය 1.44%කි.
එම සමාගමේ සේවකයින්, සේවක සංගම් සහ දේශපාලනඥයින් චෝදනා කරන්නේ, ඇමසෝන් සමාගම සිය සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක හෙළා ඇති බවටය.
කෙසේ වෙතත්, එම සමාගම පැවසුවේ, සේවකයින් ආසාදිත ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින බවය.
mawbima.lk
source :