තුන් වරක් කොරෝනාවෛරසයට ගොදුරු වූ පුත්තලම තරුණයාගේ තත්ත්වය

Report Print Egossip News Egossip News in Egossip News
1499Views
Egossip News

කො‍රෝනාවෛරසය තුන් වරක් ආසාදනය වූ බව කියන තරුණයෙකු පිළිබඳව පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා විය.

ඔහු 23 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා පසුගිය අගෝස්තු 16 වන දා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. කටුනායක ගුවන්තොටුපොළේදී සිදු කළ PCR පරීක්ෂණයට අනුව ඔහු කොරෝනාවෛරසය ආසාදනය වූ අයෙකු ලෙස හඳුනාගෙන තිබිණි.

ඒ අනුව, අගෝස්තු 17 වන දා ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබූ අතර, පසුව ඉන් සුවය ලැබීමෙන් අනතුරුව ඔහු සැප්තැම්බර් 10 වන දා පුත්තලමේ පිහිටි නිවසට පැමිණ ඇත.

ඔහුට තවත් දින 14ක් නිවස තුළ නිරෝධායනය වන ලෙස උපදෙස් ලැබී තිබුණු අතර ඒ අනුව නිරෝධායනය වෙමින් සිටියදී ඔහුට සැප්තැම්බර් 17 වන දා යළිත් ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් යළිත් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබිණි. 

එහිදී ද ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

දෙවන වරට සුවය ලැබීමෙන් පසු ඔහු නිවසට පැමිණ තිබුණේ, සැප්තැම්බර් 25 වන දාය. එහෙත්, යළිත් ඔක්තෝබර් 04 වන දා ඔහුට රෝගී තත්ත්වය මතුව ඇති අතර එහිදී ද යළිත් ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබිණි.

ඔහු තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම තත්ත්වය හමුවේ ඔහුගේ මව මාසයකට අධික කාලයක් සිය නිවසින් බැහැරට යාමට නොහැකිව සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ, මෙය තුන් වරක් වෛරසය ශරීරගත වීමක් නොව ශරීරගත වූ වෛරසය තුන් වරක් මතු වීමක් බවය.



source : mawbima.lk



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න