ජපුරේ කොරෝනා ආසාදිත සිසුවියගේ නවාතැනේ මිතුරියටත් කොරෝනා

Report Print Egossip News Egossip News in Egossip News
1657Views
Egossip News

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා හඳුනාගත් පානදුර පදිංචි කොරෝනා ආසාදිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ ඉගෙනුම ලබන තුන්වන වසර සිසුවිය සමඟ පෞද්ගලික නවාතැනේ නතරවී සිටි මිතුරියක් මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ.

මේ අතර අදාළ සිසුවියන් නතරවී සිටි නිවස හිමි කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාද තවදුරටත් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙනවා. එමෙන්ම මාතර - වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම තත්ත්වය හමුවේ අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නවාතැනේ සිටි තවත් සිසුවියක්ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි.

source : hirunews.lk



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න