පූගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයෙක් රෝහලේදී මියයයි

Report Print Egossip News Egossip News in Egossip News
810Views
Egossip News

පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

21 හැවිරිදි එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

පසුගිය 11 වනදා  රාත්‍රීයේ අත්අඩංගුවට ගත් අදාළ සැකකාර තරුණයා අසනීපවීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

ඒ අනුව, කොළඹ අශ්වාරෝහක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පරික්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම විමර්ශනයේදී පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ එම පොලිස් ස්ථානයේ නිළධාරින් අනිසි ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේය

source : sinhala.adaderana.lk

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න