කොරෝනා පාලනය කළත් ඉදිරි දින කිහිපය තීරණාත්මකයි

Report Print Egossip News Egossip News in Egossip News
1888Views
Egossip News

කොරෝනාවෛරසය පැතිරයාම මේ වනවිට සම්පූර්ණයෙන් ම පාලනයට නතු කර තිබුණත් ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක බැවින් කොරෝනාවෛරස ආසාදිතයකු බවට පත් නොවී සිටීමට කොයි කවුරුත් වගබලා ගතයුතු බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ‘මව්බිම’ට ඊයේ (15දා) පැවැසීය.

එනිසා කොරෝනාවෛරස ආසාදිතයන් පිළිබඳව සහ රෝග ලක්ෂණ තිබේනම්, වහාම ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන්ට අවශ්‍ය රෝහල් පහසුකම් මෙන් ම, නිරෝධායන මධ්‍යස්ථානද අවශ්‍ය තරම් පුළුල් කර ඇතැයිද යම්කිසි ලෙසකින් ඉදිරි දිනවලදී රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන අවශ්‍ය වුවහොත් ඒවා ලබාදීමට කටයුතු යොදා තිබෙන බවද හමුදාපතිවරයා කීය. 

අයි.ඩී.එච්. රෝහල කේන්ද්‍ර කරගනිමින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර ලබාදුන්නද අවශ්‍යතා පුළුල් වීමත් සමග ම රෝහල් ගණනාවකම ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සලසා දුන් බවද යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේය.

මෙරට කොරෝනා රෝගීන් සඳහා මුලින් ම පන්දහසකට පමණ පිරිසකට නිරෝධායන පහසුකම් සලසා දුන්නද ඇතිවූ තත්ත්වයත් සමග ම දසදහසකට සරිලන පරිදි එම පහසුකම් පුළුල් කළ බවද හමුදාපතිවරයා කීය. ඒ අනුව ඉදිරි දිනවල අලුතින් දහසකට, දෙදහසකට වුවත් පහසුකම් සැලසිය හැකි මධ්‍යස්ථාන පිහිටුවීමට සූදානම් බවද ඔහු පැවැසීය. 

දැනට රට තුළ පවතින තත්ත්වය ඉදිරි සති දෙක තුළ සාමාන්‍ය අතට පත්වේ දැයි ‘මව්බිම’ කළ විමසීමේදී හමුදාපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බවයි. මේ මොහොතේදී කළ යුතු වැදගත් ම දේ වන්නේ කොරෝනා වයිරසයට ගොදුරු නොවී ආරක්ෂා වීමට වගබලා ගැනීම බව හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

*ශිරාන් රණසිංහ

source : mawbima.lk



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න