මළයාලම් සොඳුරු සිනමා පට රැසකින් කාගෙත් ආදරය දිනාගත් දකුණු ඉන්දියානු සුපිරි නළු ප්‍රිතිවිරාජ් සුකුමාරන් මීට පැය කිහිපයකට පෙර තමාට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ජන ගන මානා නම් මලයාළම් සිනමා පටයේ රූගත කිරීම්වලින් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී තමන්ට කොවිඩ් වැළඳී ඇති බවයි ඔහු සඳහන් කර තිබුණේ.
තමන් දැන් ස්වං නිරෝධායනයට ලක් වෙමින් සිටින බව ත් ඔහු සිය සමාජ මාධ්‍ය තුළින් ප්‍රේක්ෂකයින්ට පවසා තිබුණා.ලූෆර් මුම්බායි පොලිස් ඇතුළු ජනප්‍රිය දමිළ, මළයාලම් සිනමා පට 45කට වැඩි සංඛ්‍යාවකට ප්‍රිතිවිරාජ් සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
source : hirugossip