මධූෂ්ගේ දේහය ‘මහරගම – පමුණුව ප්‍රදේශයේ’ තැන්පත් කෙරේ(PHOTOS)

Report Print Egossip News Egossip News in Egossip News
2901Views
Egossip News

පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය මේ වනවිට මහරගම – පමුණුව ප්‍රදේශයේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ දිනයේදී දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගිය අතර ඉන් අනතුරුවයි රැගෙන ගොස් ඇත්තේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මියගිය මාකඳුරේ මධූෂ්ගේ උපන් ගම කඹුරුපිටිය – ගතාරේ ප්‍රදේශයේ වන අතර, ඊයේ දිනයේදී ඇතැම් වාර්තා පළ කර තිබුණේ දේහය මාතරට රැගෙන යන බවයි.




source : Egossip News



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න