ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ආසන්නවද්දී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කඳවුරෙන් මැතිවරණ ක්‍රියාවලිය සහ ප්‍රතිඵලවලට එරෙහි විරෝධතා උත්සන්න වී තිබෙනවා.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ඨාශ නියෝජිත ඡන්ද 270 න්, 264 ක් ජෝ බයිඩ්න්ට මේ වනවිට හිමිව ඇති අතර, ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ එම ඡන්ද 214 ක් පමණයි.
ඒ අනුව මැතිවරණ ප්‍රතිඵලය ඉහළ නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් සහිත ප්‍රාන්ත 04 ක ප්‍රතිඵලවලට කේන්ද්‍රගත වී තිබෙනවා.
ඉන් කොට්ඨාශ නියෝජිත ඡන්ද විස්සක් සහිත පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඉදිරියට පැමිණීමට ජෝ බයිඩ්න් ඊයේ සමත් වුණා.
මේ වනවිට ඔහු පසුකළ නොහැකි පරතරයක් පවත්වාගෙන ඇත්තේ එහි ඡන්දවලින් 99% ක් ගණන් කිරීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත්, මැතිවරණ දිනයට පසු ලැබුණු පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්ද වෙන්කොට ගණන් කරන ලෙස මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද ලැබී තිබෙනවා.
මීට අමතරව ජෝ බයිඞ්න් ඉදිරියට පැමිණි ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමේ නියෝගයක්ද ලැබී ඇති බව සඳහන්.
ප්‍රතිඵල නිකුත්වීමට නියමිත අනෙකුත් ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන ඇරිසෝනා සහ නෙවාඩා ප්‍රාන්තවලද ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඞ්න්.
මේ අතර, ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ පසුබෑම හේතුවෙන් ආවේගශීලි වූ ඔහුගේ වැඩිමහල් පුත් කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ ක්‍රියාවලියට සහ ප්‍රතිඵලයට එරෙහිව පූර්ණ යුද්ධයකට එළැඹිය යුතු බව ප්‍රකාශ කළා.
මැතිවරණය දූෂිත බවට ට්‍රම්ප් කඳවුර චෝදනා එල්ල කරන්නේ එහි අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට පෙර සිටයි.
විශේෂයෙන් තැපැල් ඡන්ද නීතිවීරෝධී ඡන්ද ලෙස ජනපති ට්‍රම්ප් එල්ල කරන චෝදනාව හුවා දක්වමින් කණිෂ්ඨ ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ ඊට එරෙහිව මරණය දක්වා සටන් කළ යුතු බවයි.
කෙසේ නමුත්, ඔහුගේ මෙම ප්‍රකාශය රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේද විවේචනයට ලක්ව තිබෙනවා.
source : gossip.hirufm.lk