ජනප්‍රිය ගායිකා දිල්කීට හම්බුන තැග්ග

Report Print Egossip News Egossip News in Egossip News
2279Views
Egossip News

උදේම නැගිට්ට ගමන් මට තෑග්ගක් හම්බෙලා තිබ්බා.😅 මම ගායනා කරන “සත්තයි මට ඔබවාගේ ගීතයට” එම ගීතය නිෂ්පාදනය කරපු අයම කිසිම පෙර දැනුම් දීමකින් තොරව

(Echo Entertainment ආයතනය)

මම එම ගීතය සජීවීව ගායනා කරන වීඩියෝ රිපෝර්ට් කරලා තිබුණා.

ඒ නිසා මගේ Face book profile එක Disable උනා.

තව මනුස්සයෙක් අමාරුවෙන් ඔලුව උස්සන්න හදද්දි ඒ මනුස්සයව මෙච්චර වට්ටන්න හදන්නෙ ඇයි කියලා දන්නෙ නෑ!

මේ වසංගතයක් නිසා අපිට අපේ ජීවිතවත් විශ්වාස නැති වෙලාවක මෙච්චර නපුරු,කුහක,ඊර්ෂ්‍යා සහගත සිතුවිලි මිනිසුන්ගෙ හිත් වලට එන්නෙ කොහොමද?

ඒ ගීතය මට විතරක් නෙවෙයි ඒ අයටත් මට වඩා ලොකු සාර්ථකත්වයක් ගෙනත් දුන්නා.හරිම කළකිරීමෙන් මේ පෝස්ට් එක දාන්නෙ!

මෙපමණ කාලයක් නිශ්ශබ්දව සියලූම දේවල් දරාගෙන හිටියේ මම බුදු දහම විශ්වාස කරන නිසා!

දිට්ඨධම්මවේදනීය කර්මය දැඩිව විශ්වාස කරන නිසා.

ඉතිං සියල්ල කර්මයට බාර කරමි!

හෘද සාක්ෂියෙන් ගැලවීමට අදාල පුද්ගලයන්ට නොහැකි බව දනිමි!

මින් ඉදිරියටත් කුමක් සිදුවූවත් සියල්ල දරාගැනීමට මා තුල ශක්තිය ඇත!😇

කිසිදු පුද්ගලයෙකු සමඟ කුමන ආකාරයකින් හෝ පුද්ගලික තරහක් මා තුල නැත!!!

ඒ නිසා තව කෙනෙක් වට්ටන්න නිකරුණේ නාස්ති කරන කාලය තමන්ගේ දියුණුව සඳහා යොදාගන්න!

ස්තූතියි🙏🏻

පුලුවන් තරම් Comment කරන්න🙏🏻



source : egossip News



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න