ජනපති හා අගමැති නොමග යවන UGC සභාපති

Report Print Egossip News Egossip News in Egossip News
129Views
Egossip News

2019 වසරේ උසස් පෙළ විභාගයේ ද්විත්ව නිර්දේශ ගැටලුව නිසා විශිෂ්ටයන් රැසකට වෛද්‍ය පීඨ වරම් අහිමි විය. ඊට විසදුමක් ලෙස නැවත සිසුන් 110ක් පමණ වෛද්‍ය පීඨ වලට බඳවා ගන්නා බව රජය තීරණය කර ඇත.එහෙත් පෙර පැවති ක්‍රමයට බඳවා ගතහොත් දක්ෂ සිසුන් හට වෛද්‍ය පීඨ වලට ඇතුලත් වීමට නොහැකි වේ ඇතැම් දිස්ත්‍රික්ක වලින් 1.2, 1.3 වැනි අගයන් ලබා ගත් සිසුන් වෛද්‍ය පීඨ වරම් ලබද්දී පැරණි නිර්දේශයේ 1.6,1.7 ත් නව නිර්දේශයේ 2.0, 2.1 වැනි z අගයන් ලබාගත් සිසුන් බොහොම ප්‍රමාණයකට වෛද්‍යපීඨ වරම් අහිමි වේ.

පවතින ක්‍රමවේදයට අනුව බඳවා ගතහොත්, නව හා පැරණි නිර්දේශ දෙකේම AAA සාමාර්ථය ලබා ගත් කිසිදු සිසුවෙකු හට වෛද්‍යපීඨ වරම් හිමි නොවේ. මෙයින් විශාල ලෙස අසාධාරණයට ලක්වන්නේ මහනුවර, ගාල්ල, කොළඹ, මාතර, කළුතර, කෑගල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගත් සිසුන් පිරිසටකි. මේ හේතුවෙන් දිවයිනේ ම සිටින ඉහළම සාමාර්ථ ලබා ගත්, සිසුන් සියල්ලම ඇතුළත් කරගැනීමට නම්, මෙවර බදා ගන්නා සිසුන් ප්‍රමාණයවත් දිවයින් කුසලතාවය මත බඳවා ගැනීමට වඩාත්ම සාධාරණ ක්‍රමය බව පැහැදිලිය.මෙම ප්‍රශ්නයට සෘජුවම මුහුණ දෙන සිසුන්ට කිසිවෙක් ඇහුම්කම් නොදීම කනගාටුවට කරුණකි. දරුවන් කෙසේ තම ප්‍රශ්නය ඉදිරිපත් කල ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එය විකෘති කරමින් තමා ක්‍රියා කරන ආකාරය හා ක්‍රියා කළ ආකාරය 100% ක් ම නිවැරදි බව ජනාධිපතිතුමා, අගමැති තුමා ඇතුළු අනෙකුත් බලධාරීන්ට පෙන්වා දෙමින් සෑම විටම ඔවුන් නොමඟ යැවීමට උත්සාහ දරන බව පෙනේ. මෙහිදී, මෙතුමා අදාළ කොමිෂන් සභාවේ ම ලේකම්තුමා වන ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතාගේ රූකඩයක් ලෙස ක්‍රියා කරන ආකාරය දැඩි පිළිකුලට හේතුවේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අදාළ සියලූ බලධාරීන් ඔවුන්ගේ වාසිය ගැන පමණක් සිතා ක්‍රියා කරන අතර, මෙයට සාධාරණයක් බලාපොරොත්තුවෙන් ලබාදුන් දුරකථන ඇමතුම් වලට පිළිතුරු වශයෙන් ඔවුන් ලබාදුන් " දක්ෂ ළමයි කෙසේ වෙතත් අපි බේරිලා ඉන්න ඕන " යනුවෙනි. 2019 වසරේ උසස් පෙළ විභාගයේ විශිෂ්ටයන් අත්වී ඇති සෝචනීය ඉරණම මෙයයි.

අදාළ ද බලධාරීන් මෙම ප්‍රශ්නය සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගෙන මෙම විශිෂ්ට වෛද්‍යපීඨ වරම් ලබා දී, රටේ අනාගත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබසිද්ධිය ගැන සිතා කටයුතු කරන්නැයි මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවම විමසිල්ලෙන් බලා සිටි.


source : egossip

මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න