කොවිඩ්-19 සමග ගෝලීය ආර්ථිකයේ ප්‍රබල හැකිලීමක්

Report Print Egossip News Egossip News in Egossip News
502Views
Egossip News

ජේපී මෝර්ගන් සහ IHS මාකිට් විසින් ප්‍රකාශයට පත්කරන ගෝලීය සංයුක්ත නිමැවුම් දර්ශකය මාර්තු මාසයේදී ඒකක 39.4ක් දක්වා පහත වැටී ඇති අතර, එය වසර 11ක් තුළ වේගවත්ම පහත වැටීමක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලොව පුරා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබිඹු කරන මෙම දර්ශක අගයේ ඒකක 50ට අඩු ඕනෑම මට්ටමක් ගෝලීය ආර්ථිකයේ හැකිලීමක් දක්වන අතර, කොවිඩ්-19 වසංගතය ලොව පුරා ආර්ථික දත්තවලට සැලකිය යුතු ලෙස හානියක් සිදුකරමින් ඇති බවට එය හොඳම නිදර්ශනයකි.

දර්ශකය පෙර මාසයේදීත් යම් අවදානම් මට්ටමක් පෙන්වා තිබුණේ, පෙබරවාරි මාසයේදී ඒකක 46.1ක් ලෙසිනි. මෙම පහත වැටීම වාර්තාගත දෙවැනි විශාලතම වාර්තාව වන අතර එය ඉක්මවා ගියේ 2001 ඔක්තෝබර් මාසයේ පහත වැටීමය.

ගෝලීය සේවා අංශය දෙස සමීපව බැලීමේදී, ව්‍යාපාරික ක්‍රියාකාරකම්, නව ව්‍යාපාර සහ නව අපනයන ව්‍යාපාර යන සියල්ලම සමීක්ෂණයන් සිදුවූ ඉතිහාසය තුළ තියුණු අනුපාතයකින් පහත වැටී ඇත.

කෙසේ වෙතත් මින් සෑම රටකටම එක හා සමාන පහරක් එල්ල නොවූ අතර, වසර මුලදී වසංගතයට ගොදුරු වූ චීනයට එහි හැකිලීමේ අනුපාතයෙන් යම් සහනයක් මේ වනවිට ලැබෙමින් තිබේ.

2007-2009 මූල්‍ය අර්බුදයේ උච්චතම අවස්ථාවේ සිට මේ වනවිට ව්‍යාපාරික ක්‍රියාකාරකම් විශාල වශයෙන් පහත වැටුණු එක්සත් ජනපදය පුරා කොරෝනා වසංගතය තවදුරටත් පැතිර යමින් තිබේ.

ඒ අනුව ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් අතර ඇමෙරිකා එක්සත් ජනපදය දැනට දුර්වලම පසුබෑම පෙන්නුම් කර ඇති බවද සඳහන් වෙයි. එමෙන්ම මෙම පසුබෑම ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් මෙන්ම නැගීඑන ආර්ථිකයන් වෙතද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

source :



මෙම පුවතට ඔබේ ප්‍රතිචාරය එක් කරන්න

අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න